Wednesday, February 22, 2012

රු. ලක්ෂ පහක් ෆ්‍රී-ලාන්සින් හරහා සෙවීමට උර දුන් PHP+MySql

ඉලෙක්ට්‍රොනික් පරිපථයක් මිළට ගැනීමට $50ක් සොයා ගැනීමේ අරමුණින් ෆ්‍රී-ලාන්සින් වෙත යොමුවීම මේ වන විට ඩොලර් 4590 ක් උපයා ගැනීම දක්වා විහිද ගියා යැයි කීවොත් සමහර විට ඔබ විශ්වාස නොකරාවි. පහතින් දක්වා තිබෙන්නේ මේ මුදල් ලංකාවේ බැංකුවකට ගෙන්න ගන්න උපකාර වුන moneybookers කියන ආයතනයෙන් ලබාදෙන සාරාංශයක්. එහි එකතුව $ 4210ක්, ඩොලරයක් රු. 109/= සේ සලකා බැලුවත් $4210ක් කියන්නේ රු. 463,100/=. මීට අමතරව Dell Streak 5 Android Tablet එකක් සහ,  මීට ඉහතදී ලිපියක් මගින් විස්තර කරපු Syma s32g හෙලිකොප්ටරේ ගන්න පේපෑල් වෙත ෆ්‍රීලාන්ස්  හරහා ලබාගත්ත ඩොලර් 380 එකතු වුනාම ෆීලාන්සිං වලින් හොයපු සම්පූර්ණ $$ ප්‍රමාණය ඩොලර් 4580ක්,  ලංකාවේ මුදලින් නම් රු 500310/= ක්. මේ මුදල ලබාගන්න මාස 08ක් පමණ ගතවුනත් මම ෆ්‍රී-ලාන්සින් වැඩ සදහා ගතකලේ සතියකට දින 03ක් පමණ, එයත් රාත්‍රී කාලයේ දිනකට පැය 4ක් පමණ. ඉතින් මේ විස්තරේ ඵලකලේ ෆ්‍රීලාන්සින් වෙත යොමුවීමට ආසාවෙන් සිටින අය සහ මෙවැනි දේවල් වංචා සහගතයි යන හැගීමෙන් සිටින අයගේ සිත් ධෛර්යයමත් කරන්නයි.

Moneybookers Summary
මේ මුදල් උපයාගත්තේ කුමන ආකාරයේ freelance project හරහාද යන්නත් මා විස්තර කරන්නම්. මා නිමකල ව්‍යාපෘති බොහෝමයක්ම PHP සහ MySql යන කාණ්ඩයට අයත්. මූලික වශයෙන්ම අන්තර්ජාලය ඔස්සේ දත්ත ගබඩාවකට දත්ත එකතුකිරීමට මෙන්ම ඒ දත්ත ආධාරයෙන් යම් වාර්ථාවක් ලබා ගත හැකි ආකාරයේ හෙවත් Web Application කියන කාණ්ඩයට අයත් ව්‍යාපෘති. Freelance Project එකකින් ලැබෙන අඩුම මුදල $30ක් වුවත් $750ක් මිළ නියම වූ Project 02ක් සහ $500 Project එකකුත් යම් යම් අවස්ථාවන්හීදි මා වෙත ලබාගත හැකි වූවා. 

php + mySql programming ඉගෙනගත්තේ කෙදිනක හෝ freelance සදහා උපකාරී වේයැයි සිතා නොව වෙබ් පිටුවක් තුළ දත්ත හසුරුවන්නට php ඉතා පහසුවෙන් යොදා ගත හැකි වීම හේතුවෙන්. බ්ලොගයට සේම ෆෝරමයට එක එක් අංගෝපාංග එක් කිරීමේදී බොහෝ විට සහය වූයේ php සහ mysql. 100%ක්ම අන්තර්ජාලය ඔස්සේම php+mysql ඉගෙන ගත්තා යැයි කිවොත් එය සම්පූර්ණයෙන්ම නිවැරදියි. VB, Java වැනි භාෂාවන් විටින් විට අන්තර්ජාලය හරහාම ප්‍රගුණ කළත් මේ කිසිදු භාෂාවක් අන්තර්ජාලය හරහා හැදෑරීමට පෙර ඒ ඒ භාෂාවන්ට අදාලව කිසිදු න්‍යායාත්මක කරුණක් සම්බන්ධයෙන් මා දැනුවත්ව සිටියේ නැහැ. අන්තර්ජාලයෙන් ලබා ගත් ජාවා  project එකක් නිවැරදිව compile කර ජංගම දුරකථනයකට දමා ගැනීම සදහා මාස ගණනාවක් ගත වූවා. Net-Beans, Eclipse වැනි මෘදුකාංගයන් ස්ථාපනය කලත් ඒවා නිවැරදිව හසුරුවන්නට දවස් ගණන් උත්සාහ කළා යැයි කීවොත් වඩාත් නිවැරදියි. මාස ගණනාවක් ගත කර අදාල project එක නිවැරදිව compile කර ජංගම දුරකථනයට දමාගත් පසුවත් යම් යම් දෝෂ (Bugs) මතුවන්නට වූවා. නමුත් ඒවාත් එකින් එක විසදා ගෙන අදාල application එක නිවැරදිව ක්‍රියාත්මක වෙද්දී Java වලට අදාල න්‍යායාත්මක කරුණු බොහොමයක් ප්‍රගුණ කර අවසන්.

බ්ලොග් ලිපි වශයෙන් ඉදිරිපත් කළ GPS Tracker Application එක සහ SMS Server Application එක ඉන් සමහරක්. විනෝදාංශයක් ලෙස හැදෑරුවත් PHP, Java වැනි භාෂාවන්ට අදාලව දේශීයව මෙන්ම අන්තර්ජාතිකවත් හොද මිළක් නියම වී තිබෙනවා. මෙවැනි භාෂාවක් ඉගෙනගැනීම සදහා ඔබ තුළත් යම් ආශාවක් තිබෙනවා නම් ඒ ආශාව ඔස්සේ ඉදිරියට යන්න. මෙවැනි භාෂාවක් අනතර්ජාලය ඔස්සේ ඉගෙනීමට භාවිතා කළ හැකි W3schools නම් අඩවිය වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම අන්තර්ජාල පාසලක්. දවසකින් දෙකකින් නොවුනත් මාස කිහිපයකින් හෝ ඔබ යම් භාෂාවක් (Programming Language) ප්‍රගුන කරාවි. මේ සදහා කිසිදු මූලික සුදුසුකමක් අව්ශ්‍ය වන්නේ නැහැ.උනන්දුව සහ උත්සාහය පමණක් ප්‍රමාණවත්!!

64 comments:

  1. සිරාවටම එල මචං...my congratzzz.....

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි මම හිතුවෙම මේක හෙන පුස් වැඩක් කියලා බැලින්නම් හොඳයිනේ

    ReplyDelete
  3. Replies
    1. mama hitan idiye mewain apata projet denne ne kiyala math masaganak baluwa projet akak hariganna ath tama ne

      Delete
  4. සුභ පැතුම් කෙනී අයියේ... පුළුවන් නම් PHP වැඩ හොයා ගන්න හැටි ගැන කියන්න පුළුවන්ද ? ජය වේවා !!!!

    ReplyDelete
    Replies
    1. කෙටියෙන්ම කියන්නම්, මුලින්ම ගන්න domain එකක් ඊට පස්සේ හදන්න php mysql based web application ටිකක්. ඒවා ඔයාගේ domain එකට upload කරන්න. කාගේ හරි project එකකට bid කරද්දී ඔයාගේ previous work හැටියට ඒ application වල links දෙන්න. මෙය 100% සාර්ථක ක්‍රමයක්.

      Delete
    2. ස්තූතියි කෙනී. මමත් හෙව්ව උපදේශය මට ලැබුනාග

      Delete
  5. එළනේ කෙනී අයියේ
    අවුල වුනේ අයියට මේ සයිට් ඒක අමතක උණඒක තමා
    කොහොම හරි අයියා ගොඩනේ අපෙන් සුබ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක අමතක කරන්නේ නම් නැහැ. ඒත් හිතට වෙන විදියේ ලිපියක් ලියන්න මාතෘකාවක් හම්බවුනේ නැහැනේ මේ වෙනකන්ම...

      Delete
  6. සුභ පැතුම් මචෝ!

    ReplyDelete
  7. සුභ පතපු හැමෝටම ස්තුතියි.Freelance සම්බන්ධයෙන් උදව්වක් ඕනි නම් කමෙන්ට් එකක් හරහා අහන්න. මම උදව් කරන්නම්!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. සුභ පැතුම් කෙනී අයියේ... පුළුවන් නම් කියන්න free doin and host ගත්තට කමක් නෑද්ද(co.cc වගේ 1ක් ගත්තට).

      Delete
    3. ප්‍රශ්නයක් නැහැ. මමත් මුලින්ම පටන් ගත්තේ ඩොමෙන් එකකින්. හොස්ට් කලෙත් සයිට් එකක. මෙතනදී ඩොමේන් නම නෙවෙයි වැදගත් වෙන්නේ. ඔබ ඉදිරිපත් කරන ව්‍යාපෘති සාම්පල් පිළිබදවයි ඔවුන් සැලකිලිමත් වෙන්නේ.

      Delete
  8. සුභ පැතුම්.. මමත් Freelance හා odesk ගිණුම් දෙකක් හදාගෙන තියෙනවා. ඒත් තාම එක වැඩක් හොයාගන්න බැරි උනා. එත් මම Fiverr හරහා නම් හොද ගානක් හෙව්වා. එත් freelancer job ගන්න හරිම අමාරුයි.

    ReplyDelete
  9. Freelance වල ෆ්‍රී කිඋවට ෆ්‍රී නැහැනේද? ජොබ් එක අපි කරන්න කලින් Freelance වලට මුදල් ගෙවන්න ඕන නේද?

    ReplyDelete
    Replies
    1. අපි දාපු Bid එකක් win කලොත් Full Project Amount එකෙන් 10%ක් Freelance cost විදියට ගෙවන්න වෙනවා. නමුත් එම මුදල project owner ගෙන් milestone payments එකක් හැටියට එම අවස්ථාවේම ලබා ගත හැකියි. එසේ නොමැති නම් project එක නිම කළ පසුව project owner ගෙන් මුදල් ලැබුණ පසුවද ගෙවිය හැකියි. එමෙන්ම Freelance cost විදියට ගෙවන ප්‍රතිශතයක් Gold Membership එකක් ලබා ගතහොත් 3% දක්වා අඩු වනවා. අප බලාපොරොත්තු වන මුදලට 10% freelance cost එකත් add කර bid කිරීම මගින්ද මෙම ගාස්තුව පියවා ගැනීමද කළ හැකියි...

      Delete
  10. සුබ පැතුම්.... මමත් ගැන w3school දැන ගත්තේ මෙතනින් තමා..

    ReplyDelete
  11. සුභ පැතුම් කෙනී අයියා...

    ReplyDelete
  12. නියමඉ මචන්,හොද කෙපවිමක් කරොත් ඔන කෙනෙකුට පුලුවන් වෙය් උබ වගෙ වෙන්න,

    ජය වෙවා මචන්.

    ReplyDelete
  13. මට කියල දෙනවද DATA Entry වැඩ කරන්නේ කොහොමද කියල. ලොකු උදව්වක්. මොකද ම්ම් ලොකු ලොකු වැඩ දන්නෙ.

    ReplyDelete
    Replies
    1. Data Entry ගැන නම් මම වැඩිපුර දන්නේ නැහැ. නමුත් මෙවැනි project සදහා සෑහෙන අයදුම් කරුවන් සිටින බව නම් දැක ගන්න පුළුවන්. ඒ නිසා හැකි පමණින් ටිකක් අමාරු දෙයක් ඉගෙන ගැනීමට උනන්දු වන්න

      Delete
  14. බොහොම සන්තෝසයි කෙනී, ඔයාගේ මුල්ම පෝස්ට් එක දැකල මමත් ආයේ ෆ්‍රී ලන්ස් කරන්න පටන් ගත්තා කිව්වා මතකද..? මම නම් හැබැයි ඔයා තරම් දුර ආවේ ගියේ නෑ.. රු.20,000ක් වගේ මුදලක් හොයා ගත්තා මේ වෙනකොට... මුලු දවස පුරාම කෝඩ් ලියල ගෙදර ගිහිනුත් ආයේත් ඒවම කරන්න තියෙන කම්මැලි කම නිසා මම ගොඩක් උනන්දු වෙන්නෙ නෑ.. හැබැයි.. ඔයා කිව්වා වගේ මහන්සි වෙන කෙනෙකුට ඕනේ තරම් හම්බ කරන්න පුළුවන්... සුභ පැතුම්..

    ReplyDelete
  15. සහෝදරයා... බොහොම ස්‍තූතියි ලිපියට. මටත් ආසවක් ඇතිවුනා freelance කරන්න. ඔයා නිසා. මගේ තියෙන්නෙ paypal එකට සම්බන්ධ සම්පත් බැංකුවේ web card එකක් එ‍්කෙන් මට මුදල් ගෙවන්න විතරයි පුලුවන්. මට ප්‍රොජෙක්ට් එකකින් ලැබෙන මුදල් මම කොහොමද ගන්නෙ?

    ReplyDelete
    Replies
    1. Paypal හරහා නීත්‍යානුකූල ආකාරයෙන් ශ්‍රී ලංකාවට money widraw කරන්න බැරි නිසා මේ සදහා තිබෙන එකම සහ හොදම විසදුම moneybookers කියන සේවාවයි. මම උපයාගත්ත සියළුම මුදල් ලංකාවට ගෙන්නා ගත්තේ moneybookers හරහායි. මේ සේවාව අය කරන ගාස්තුවත් ඉතා සාධාරණයි. www.monebookers.com වෙත පිවිසෙන්න.

      Delete
  16. මමත් මුදල් moneybooker එකට දාගත්තා.. ඒත් ඒ මුදල් මගෙ කොමර්ෂල් බැංකු ගිණුමට දාන්න යනකොට moneybooker ගිණුම verify කරන්න කියල කියනව.. නමුත් මගේ ලිපිනයට verification code එක එවපු ලියුම තවම ආවෙ නෑ.. මට කියන්න පුලුවන්ද මේක කරගන්න පුලුවන් ලේසිම විදිය මොකක්ද කියල..?

    ReplyDelete
  17. ගිහාන් කලබල වෙන්න එපා. ඔය ලිපිය ලැබෙන්න සති 02ක් විතර ගත වෙනවා. ඒ වගේම මතක තියාගන්න ඔයා moneybookers හරහා ඩොලර් 1000 කට වඩා ගෙන්න ගත්තම ඔයාගේ bank acc එකත් verify කරන්න වෙනවා. මමත් moneybookers සහ paypal යන සේවාවන් දෙකම පාවිච්චි කරනවා. නමුත් ලංකාවට සල්ලි ගෙන්න ගන්න නම් moneybookers විතරයි සහය දක්වන්නේ. ඒ වගේම තමයි පේපෑල් එකට පිටරට කෙනෙක් මුදල් එවුවත් ඒ එවන මුදලිනුත් 3.39% සහ ඩොලර් ශත 30ක ගාස්තුවක් පේපෑල් එකෙන් අඩුකර ගන්නවා. නමුත් moneybookers එහෙම නැහැ. ඔවුන් ගාස්තුවක් අය කරන්නේ මුදල් withdraw කරද්දී විතරයි.

    ReplyDelete
  18. මම මේ බ්ලොග් එක දැක්කෙ පහුවෙලා. මම ගොඩක්ම ආස කරන ක්ෂේත්‍රය පිළිබඳ දැනුම් සාගරයක් මෙතන තියෙනව.

    මට පොඩි ගැටළුවක් තියෙනව. මා ගාව පරණ සී ආර් ටී මොනිටර් එකක් තියෙනව. මම ඒක ටීවී බොක්ස් එකක් එකක් ටීවි එකක් වගේ පාවිච්චි කරන්න කියල බැලුවෙ. නමුත් පොඩි ගැටළුවක් තියෙනව. මේ මොනිටර් එකට ගොඩක් කරන්ට් එක යනව. ඒ නිසා තමයි මම මේක භාවිතයෙන් ඉවත් කළෙත්.

    මේකේ Max power consumption 100W.

    මේකෙ විදුලි පරිභෝජනය අඩු කරන්න ක්‍රමයක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ඔබගේ කමෙන්ට් එක දැක්කේ ප්‍රමාද වෙලා. ඔබ අසන පැනයට පිළිතුර නම් නැත යන්නයි.මෙයට තිබෙන හොදම විසදුම නම් LCD මොනිටර් එකක් භාවිතාවට ගැනීමයි. සමහර LCD මොනිටර් වල ක්ෂමතාවය වොට් 30ක් පමණ. ඉතිරි වන විදුලිය හා සසදා බැලූ කල අමතර මුදලක් වියදම් වුවද අනාගතයේදී එය ඔබට ලාභයක් විය හැකියි.

      Delete
  19. මට ඔබගේ email ලිපිනය ගන්න පුළුවන්ද? පෞද්ගලිකව අසා දැනගතයුතු දෙයක් තිබෙනවා freelancer.com සම්බන්ධව. මගේ email ලිපිනය isuranirmal@gmail.com ස්තුතියි!

    ReplyDelete
  20. Kenny අයියේ
    මම දැන් ගොඩක් කල් ඉදන් Bid කරන්නේ. තවම එක bid එකක්වත් win කලේ නැහැනේ. Bid එකක් වින් කරන්න ගොඩක් කල් යනවද ?
    Bid එකක් දාද්දි මොනවගේ දේවල් ද ඒ Bid එකේ ඩිස්ක්රිප්ෂන් හැටියට දන්නා හොද ?

    ReplyDelete
  21. @Harsha N,
    පළවෙනි BID එක Win කර ගන්න එක නම් ටිකක් විතර අමාරු දෙයක්. සමර්ථ කමක් දක්වන Field එක සම්බන්ධව ඒ ගැන උවමනාවක් තියෙන කෙනෙක්ට එකවරම හිත යන විදියේ Sample Projects ටිකක් ඉදිරිපත් කරන්න.

    ReplyDelete
  22. නියමයි මචන් මාත් අතගහන්න හිතාගෙන පහු කර කර හිටපු වැඩක මේක දැක්කම අයෙ ෆෝම් වුනා...නියමයි වැඩේ...C# වලට වගේ තියන තැන කොහොමද...? ගානක් හොයාගන්න පුලුවන්ද...?

    ReplyDelete
    Replies
    1. Wh Not!! C# walata hoda illumak tiyenavaa.....

      Delete
  23. බ්ලොග් එක නම් මරු. ඒත් ඇයි දැන් අලුතින් ලියනව අඩු ?

    ReplyDelete
  24. මං නිතර එන මට ගොඩක් වැදගත් බ්ලොග් එකක්...

    ReplyDelete
  25. මට තවම හරියට මෙවා කරගන්න අමාරැයි. උදවු කරනවනමි ගොඩක් කැමතියි....මෙ ව‍ගේ දෙයක් තියෙනවා කියලා දැනුමි දුන්නට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මේ සම්බන්ධයෙන් තියෙන ගැටළු කමෙන්ට් එකක් හරහාම ඉදිරිපත් කරන්නම්. උදව් කරන්නම්

      Delete
  26. @Chandana, ලියනවා අඩු කියනවට වඩා ලියවෙන්නෙම නැහැයි කියන එක නිවැරදියි. ඇත්තෙන්න්ම වෙලාවක් නැති කම තමයි මූලිකම හේතුව. කොහොමවුනත් ඉලෙකට්‍රොනික් වෙනුවෙන් ලැදියාවක් ඇති අය වෙනුවෙන් පවත්වාගෙන යන ඉලෙක්ට්‍රොනික් ඉන්සයිඩ් ෆෝරමය (www.electronicinside.com) නම් පුළුවන් විදියට කරගෙන යනවා. මම නැති වුනත් ස්වේච්චාවෙන්ම ඉදිරිපත් වෙලා ඉන්න සහෝදරයන් කිහිප දෙනෙක් ඉලෙකට්‍රොනික් ගැටළු වලට පිළිතුරු ලබා දෙමින් ෆෝරමය ඉදිරියට ගෙන යාමට දයක වෙනවා.

    ReplyDelete
  27. mata freelancer , odesk wala data entry karana hati kiya denwada..hama ekema register wela inne.et wada ganna danne na

    ReplyDelete
  28. freelance walin job ganna hati pahadili karala denawada piliwelata

    ReplyDelete
  29. මමත් ආවා ඔන්න. අලුත් ලිපි එකතු කරන්න. තව අය ඒවි එතකොට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආරාධනාව පිළිගත්තට!!!! 2013 සිට නැවතත් බ්ලොග් එකට ලිපි එකතු කරන්නට අදහස් කරනවා. කරුණාකර ෆෝරමයටත් එක් වන්න. ඔබගේ ඉලෙක්ට්‍රොනික් දැනුම සරාගේ ලෝකය හරහා හෝ බෙදා දෙන්න.

      Delete
  30. Odesk වලට වඩා freelancer.com හොදයිද? මමත් ODesk කරල දැනට ලක්ෂ 2-3 ක් විතර හොයල තියෙන්නෙ.මමත් Php,Mysql ඒව එහෙම කරල තියෙනව.

    ReplyDelete
  31. නියමයි සුභපතමි.... දුර ගමනක් යන්න ලැබේ

    ReplyDelete
  32. @Internet Proof මොකද මේ Referral links වගයක් දැම්මේ?ඔයා මෙහෙමද සල්ලි හොයන්නෙ? තවත් මෝඩයෙක්

    ReplyDelete
    Replies
    1. අවංකවම අපේ රටේ සෑහෙන පිරිසක් internet money හොයන්න හදන්නේ තව කෙනෙක්ව මුලාවට පත් කරලා. එහෙමත් නැත්නම් සම්ප්‍රදායන් කඩලා. ඒ වගේ කැත පුරුදු නිසාම තමයි internet money කියන දේ මිරිගුවක් වෙලා තියෙන්නේ.

      Delete
  33. මොනවද අපි කරන්න ඔන වැඩ

    ReplyDelete
  34. Electronic Inside කරන ඔබට ස්තුතියි ගොඩක් දේ ලබා ගත්තා ඉදිරියටත් ඔබ සමගයි....

    ReplyDelete
  35. ඇත්තටම මම අදමයි මේ බ්ලොග් එකට ආවෙ. ඇත්තටම සතුටුයි මේ සමාජයේ මේ වගේ දේවල් වගේම තමන් හොයාගත්ත දැනුම අනුන්ට දෙන්න තරම් නිහතමානී අය බොහෝම අතලොස්සයි ඉන්නෙ. ඒ අතින් මේ සහෝදරවරු නම් අදහන්න වටිනවා. මමත් ඉලෙක්ට්‍රොනික් වලට හරිම ආසයි. පාසල් යන කාලේ බුදුරැස් මාලා, නයිට් රයිඩර්, වගේ පොඩි පොඩි දේවල් කරා. අද ඉදලා මමත් ඔයාලගේ මට කරන්න පුලුවන් හැම පරිපතයක්ම හදන්න බලනවා. ඒ වගෙම ඔයාලට කරදරත් කරනවා. එක එක දේවල් අහලා. ඇත්තටම සතුටුයි කට්ටියව අදුනගන්න ලැබුනු එකට​.

    ReplyDelete
  36. අනේ කෙනි අය්යේ නෑවත එන්නකෝ................:(

    ReplyDelete
  37. ane mata forum eke reg wenna denne nane

    mawa reg karannako.
    mokakhari awulak wenawane.

    oya nam great

    Thank You very much

    Jaya wewa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. Ihan forum eke registration weda karanava. mama danuth check karala baluwa. ayeth balanna oya register wela username eka methanata post karanna. mama approve karannam. sorry for the inconvienence...

      Delete
  38. ආයෙත් එන්න කියන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා යාළුවනේ! ආයිත් ලගදිම ලියන්න ගන්නම්, ඒත් තියෙන වැඩ එක්කලා ලිපියක් ලියන එකත් ලොකු අමාරු කාර්යයක් වෙලා. (දන්න ඉලෙක්ට්‍රොනික් අතහැරලා නොදන්න computer programming වලට ගියාම ඔහොම තමයි.) පුළුවන් විදියට ලියන්න පටන් ගන්නම්, හැමෝගේම උනන්දුව ගැන මට සංතෝෂයි!!!!!

    ReplyDelete
  39. http://www.phplanka.lk/?type=PHP_Lessons&title=PHP_Installation

    ReplyDelete
  40. php mysql walin mona wage app da freelance 1ta danna oni.ane loku vistharayak dannako.plzzz keni aiyeee

    ReplyDelete
  41. php mysql walin mona wage app da freelance 1ta danna oni.ane loku vistharayak dannako.plzzz keni aiyeee

    ReplyDelete
  42. man odesk eke register vela data entry job ekak labuna. man eka complete karala submit kala last week vala. but no payments, feedback.
    Then man Odesk help ekata mail kalama eyala kiyanava, man client ekka Contract ekak tibila ne nisa karanna deyak nethilu.
    Man Contract gena dennan unne ne.
    What can I do for this?????

    ReplyDelete
  43. kamathi aya

    Electronics Circuit Application
    http://electronicsyard.blogspot.com/

    ReplyDelete