සෑහෙන කාලෙකට පස්සේ ඔන්න ආයෙත් පෝස්ට් එකක් ඉදිරිපත් කරන්න කාල වෙලාවක් හොයාගත්තා. ඒත් ඉතින් මේ කියන්න යන්නේ ඉලෙක්ට්‍රොනික් පරිපථයක් ගැන නම් නෙවෙයි. නමුත් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය අන්තර්ගත වුන ජංගම දුරකථන කාණ්ඩයෙනුත් ඔබ්බට ගිය ටැබ්ලට් එකක් ගැනයි අද මා සාකච්චා කරන්නේ. ජංගම දුරකථනයක් වගේම ජී.පී.එස් උපාංගයකුත් අන්තර්ගත ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ස්ථාපිථ කර ඇති සාමාන්‍ය ව්‍යවහාරයේදී "ටැබ්" එකක් යනුවෙන් හැදින්වෙන Smart Phone කාන්ඩයට අයත් Tablet ගැන අප බොහෝ දෙනෙක් දැනුවත්ව සිටියත් අධික මිළ ගණන් හේතුවෙන් මෙවැන්නක් ලබා ගැනීම කෙරෙහි අප උනන්දු වන්නේ නැතැයි කීම එක්තරා දුරකට සත්‍යයක්. එනමුත් සන්නිවේදන උපාංග නිපදවන චීන සමාගමක් වන "හුවාවි" ආයතනය මගින් ඉදිරිපත් කර තිබෙන Ideos S7 කාණ්ඩයේ ටැබ්ලට් එකක් රු. 20,000/= කට ආසන්න මුදලකට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.
පායෝගික ක්‍රියාකරකමක් වෙනුවෙන් ජී.පී.එස් පහසුකම සහ අන්තර්ජාල සම්බන්ධතාවය එකවර ලබා ගත හැකි උපාංග කිහිපයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් හේතුවෙනුයි ටැබ්ලට් උපාංගයක් වෙත අප යොමු වූයේ. මෙහිදී ප්රමුඛ වෙළද නාමයන් යටතේ දක්නට ලැබෙන Samsung Galaxy S, Apple Ipad සහ Dell Streak 7 වැනි උපාංගයක් ලබා ගැනීම කෙරෙහි උනන්දු වූවත් රු. 70,000/= පමණ වන අධික මිළ ගණන් හේතුවෙනුයි ආදේශකයක් ලෙස හුවාවි ආයතනය මගින් නිපදවන Ideos S7 105 ටැබ් එක වෙත යොමුවූයේ. අධිල හිරු රශ්මිය සහ දූවිලි සහිත සුළං වැනි කාල ගුණ තත්වයන් යටතේ මෙවැනි උපාංග කිහිපයක්ම මාසයකට ආසන්න කාලයක් අපගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම සදහා යොදාගනු ලැබුවා. අප මුහුණදුන් එකම සහ ප්‍රධානතම ගැටළුව වූයේ එක දිගට අන්තර්ජාලය සහ ජී.පී.එස් උපාංගය භාවිතා කිරීමේදී විනාඩි 90කට හෝ ආසන්න කාලයකදී මෙම උපාංගයේ බැටරි බලය ශුන්‍ය වී යාමයි. ජී.පී.එස් උපාංගයක් ක්‍රියාත්මක කිරීමේදී මෙවැනි තත්වයක් උද්ගත වීම සාමන්‍ය සංසිද්දියක් නිසා එයින් පසුබට නොවී එක් උපකරණයක් වෙනුවෙන් අමතර බැටරි 02ක බැගින් ලබා ගැනීමටත් අප තීරණය කළා. ඒ හැරෙන්නට මෙම උපකරණ ක්‍රියාත්මක කිරීමේදී වෙනත් කිසිදු ගැටලුවක් මතු වූයේ නම් නැහැ.
කෙසේ වෙතත් මෙම උපකරණය පාවිච්චි කළ කාල සීමාව මසකට අඩු හෙයින් මෙහි කල්පැවැත්ම සම්බන්ධව නම් වැඩි දුරටත් විස්තර පැවසීම කාලෝචිත නොවන නමුත් එක් අවුරුදු වගකීම් සහතිකයක් සහිතව මෙම උපාංගය ලබාගත හැකි නිසා උපකරණයේ ක්‍රියාකාරීවය සම්බන්ධයෙන් ගැටළුවක් පැණ නොනගිනු ඇතැයි විශ්වාශ කරනවා. ගූගල් ආයතන මගින් නොමිළයේ ලබාදෙන Android ජංගම මෙහෙයුම් පද්ධතිය මෙහි ස්ථාපනය කර තිබීම හේතුවෙන් භාවිතා කරන්නාට රිසිසේ තමන්ට කැමති මෘදුකාංගයක් ස්ථාපිත කර ගැනීමේ පහසුකමද නිතැතින්ම හිමි වනවා. මෙම උපකරණය ලබා ගත්තේ ගූගෝලීය කටයුතු අධ්‍යයනය කිරීමේ අරමුණින් වුවත් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය හා සම්බන්ධ විවිධාකාර මෘදුකාංග ඇන්ට්රොයිඩ් වෙළදපොලෙහි නොමිළයේ දක්නට ලැබෙනවා. තමන් සම්බන්ධ වී සිටින ජංගම දුරකථන කුළුණ හා සම්බන්ධ වැඩිදුර විස්තර ලබා ගත හැකි RF Signal Tracker මෘදුකාංගය උදාහරණයක් ලෙස දැක්විය හැකියි. මෙමගින් තමන් අවට ඇති ජංගම දුරකථන කුළුණු සහ අප සම්බන්ධ වී ඇති දුරකථන කුළුණ මගින් අප වෙත ලැබෙන සංඤාවේ ප්‍රභලතාව ඩෙසිබල් අගයක් ලෙසින් සේම අදාල දුරකථන කුළුනෙහි Cell ID, LAC, MCC, MNC, RSSI වැනි තොරතුරුද ලබාගත හැකි වනවා.
නව තාක්ෂණයේ අත්දැකීම් ලබන්නට මූල්‍ය තත්වය ප්රශ්ණයක්ව ඇති යුගයක, දැරිය හැකි මුදලකට මෙවැන්නක් ලබා ගැනීමේ හැකියාව ඇති බව දැනුම්දීමටයි ඉතා කෙටි සටහනක් මෙම උපකරණය වෙනුවෙන් තබන්නට සිත්වූයේ. ඉන්දියානු රජය මගින් දේශීයව නිපදවනු ලැබූ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත මේ හා සමාන “Aakash” ටැබ් එකක් $35 වැනි මුදලකට එරට විශ්වවිද්‍යාල සිසුන්ට සහ තාක්ෂණික ආයතන සිසුන්ට ලබා දීමට පියවර ගෙන ඇතිබවත් සදහන් කළ යුතුයි.
ලබන්නාවූ නත්තල ඉලෙක්ට්‍රොනික් ඉන්සයිඩ් වටා එක් රොක්ව සිටින ඔබ සැමටත් සමස්ථ ශ්‍රී ලාංකිකයන්ටත් ලෝක වාසී සැමටත් "සුභ නත්තලක්" වේවායි මෙසේ ආසිරි ගෙන එන්නෙමු!!!
ලබන්නාවූ නත්තල ඉලෙක්ට්‍රොනික් ඉන්සයිඩ් වටා එක් රොක්ව සිටින ඔබ සැමටත් සමස්ථ ශ්‍රී ලාංකිකයන්ටත් ලෝක වාසී සැමටත් "සුභ නත්තලක්" වේවායි මෙසේ ආසිරි ගෙන එන්නෙමු!!!


කෙනී අයියේ, මේක කොහෙන්ද ගන්න පුළුවන් ?
ReplyDeleteදැනුවත් කිරීම අගයමි. ඔබටත් සුභ නත්තලක් සහ ජය සතුට පිරි නව වසරක් පතමි
ReplyDelete@Chathuranga,
ReplyDeleteEtisalat එකෙන් මෙම ටැබ් එක ඔවුන්ගේ 1GBx12 Month data Package එකත් සමග රු. 25,000/= වැනි මුදලකට ලබා ගත හැකියි. අවුරුද්දක් සදහා 1GBx12 Month data Package එකට අයකරගන්නා රු. 5400/= වැනි මුදලත් නිසයි රු. 25,000/= වන්නේ.
http://etisalat.lk/androids.cfm
(Scroll to Last advertisement for Huawei S7)
thank you machan...
ReplyDeleteAra rf tracker eka patta thxxx
ReplyDeleteමමත් ගත්තා ASUS EEE PAD එකක් හැබැයි එකට සිම් එකක් දාන්න බැ wifi,Bluetooth, Micro SD විතරයි තියෙන්නේ GPS තියනවා. OS එක Andoird. ගොඩක් Free Software තියනවා
ReplyDeleteRF Signal Tracker ගැන කිව්වට ස්තුතියි.
ReplyDeleteඹබට ස්තුතියි
ReplyDelete