දුරස්ථපාලකයකට ප්‍රතිචාර දක්වන සරල ග්රාහක පරිපථයක් නිර්මාණය කර ගන්නා අන්දම පසුගිය ලිපියෙන් ඉදිරිපත් කළ බව ඔබට මතක ඇතැයි සිතනවා. එසේ නම් එම පරිපථයම මදක් වෙනස් කර ගනිමින් 230V විදුලි උපකරණයක් ON/OFF කරන ආකාරය මෙම ලිපියෙන් විමසා බලමු. පසුගිය ලිපිය මගින් ඉදිරිපත් කළ පරිපථයට සම්බන්ධ කර තිබූ එල්.ඊ.ඩී ය දුරස්ථ පාලක සංඤාවන්ට අනුරූපිව ක්ෂිණිකව සුළු මොහොතකට පමණක් දැල්වුණු බවත් ඔබට දිස්වන්නට ඇතැයි සිතනවා. එසේ නම් අදාල ප්‍රතිඵලය නැවත සංඤාවක් (IR Signal) ලැබෙන තෙක් ස්ථායි ලෙස තබා ගැනීම සදහා අමතර පරිපථයක් අවශ්‍ය වනවා.
ඉහතින් දක්වා තිබෙන්නේ නයිට් රයිඩර් අයි.සී එක ලෙස අප අතර ප්‍රසිද්ධව තිබෙන 4017 සංගෘහිත පරිපථයේ දත්ත සටහනයි. රු.20/=ක් වැනි සුළු මුදලකට ලබා ගත හැකි මෙම අයි.සී. එක ආධාරයෙන් තාර්කිකව විවිධ රටා ගොඩ නැගිය හැකි අතර වෝල්ට් 5ක විදුලියක් මෙම අයි.සී. එක ක්‍රියාත්මක වීම සදහා ප්‍රමාණවත් වනවා. ඝටිකා ස්පන්දන (Clock Pulse) ලබා දෙය හැකි පාදයක්, ක්‍රියාකාරිත්වය නැවත සකසන පාදයක් (Reset) සහ පිටවුම් පාද 10ක් (Q0 to Q9) සමන්විත මෙම සංගෘහිත පරිපථයේ 16 වන පාදයට +5V සහ 8වන පාදයට 0Vත් ලබා දිය යුතු වනවා. 14වන පාදයෙන් ලබා දෙන ඝටිකා ස්පන්දනයට අනුරූපිව Q0 පාදයේ සිට Q9 පාදය දක්වා එක් අවස්ථාවකදී එක් පාදයකින් පමණක් වෝල්ට්5කට ආසන්න විදුලියක් නිකුත් කිරීම මෙම අයි.සී එකෙහි සරල ක්රියාකාරීත්වයයි. නමුත් අපගේ පරිපථය සදහා අවශයවනුයේ එකිනෙකට වෙනස් වන පිටවුම් අවස්ථා දෙකක් පමණයි. සරලවම කියතොත් එක් ඝටිකා ස්පන්දනයකදී අප භාවිතා කරන පාදය හරහා විදුලිය පැමිණීම අවශය වන අතර ඊලග ඝටිකා ස්පන්දනයේදී විදුලිය පැමිණීම නැවතිය යුතුයි. Q0 සහ Q1 පාද පමණක් භාවිතයට ගැනීම සදහා කළ හැකි සරලම විසදුම නම් Q3 පිටවුම Reset පාදය වෙත සම්බන්ධ කිරීමයි. පරිපථය ආරම්භක අවස්ථාවේදී Q0 මගින් 5V පිටකරන අතර පළමු ඝටිකා ස්පන්දනයේදී Q0 සිට Q1 දක්වා 5V මාරු වන අතර ඊළග ඝටිකා ස්පන්දනයේදී Q3 මගින් පරිපථය නැවත සැකසීම හේතුවෙන් Q0 මගින් 5V පිටවීම සිදුවේ. මෙම ක්‍රියාවලිය ඝටිකා ස්පන්දන ලැබෙන තාක් කල් නොවෙනස්ව සිදුවන හෙයින් Q1 වෙත සමබන්ධ කරන උපකරණය ON/OFF වීම නිසියාකාරව සිදුවේ.
ඉහත රූප සටහනෙන් ඉදිරිපත් ඇත්තේ අප විසින් පසුගිය ලිපියෙන් සාකච්චා කල පරිපථය සහ CD4017 සංගෘහිත පරිපථය එක් කරගනිමින් ගොඩ නගාගත් සම්පූර්ණ පරිපථයයි. Q1 පාදයට සම්බන්ධ කර ඇති 548 ට්‍රාන්සිස්ටරය මගින් රිලේ උපකරණය ක්‍රියාත්මක වීමට අවශ්‍ය ධාරාව ලබාදෙන අතර මේ සදහා 5V 230V 2A රිලේ උපකරණයක් වඩාත් සුදුසුය. මෙම පරිපථය බල ගැන්වීම සදහා 5V සැපයුමක් අවශ්‍ය වන අතර ජංගම දුරකථන චාජරයක් වුවද ගැලපේ. නමුත් 5V වඩා ලබා නොදිය යුතු වන්නේ TSOP1738 විනාශ විය හැකි බැවිනි. මෙම පරිපථය මා විසින් සාර්ථකව අත් හදා බැලූ අතර මීළග පියවර ලෙස ට්‍රාන්ස්ෆෝමර් රහිත බල සැපයුමකින් (Transformer less Power supply) මෙය බල ගන්වන ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් සිදු කෙරෙමින් පවතින අතර සාර්ථක වූ පසු අදාල බලගැන්වීම් පරිපථයද ලබා දීමට බලා පොරොත්තු වෙමි.
සැයු. මෙම පරිපථයේ රිලේ උපකරණය වෙත ප්‍රධාන විදුලිය සම්බන්ධ කිරීමට ප්‍රථමයෙන් අදාල පරිපථය නිසි පරිදි ක්‍රියාත්මක වනවාද යන්න පරීක්ෂා කර බලන්න. පරිපථයේ තිබෙන එල්.ඊ.ඩී යන් රිමෝට් කන්ට්‍රෝලරයේ විධානයන්ට අනුව දැල්වෙනවා නම් පමණක් රිලේ උපකරණය හා ඊට අදාලව ප්‍රධාන විදුලිය හරහා උපකරණයක් හෝ 230V බල්බයක් සම්බන්ධ කරන්න. ඔබ ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්රයට ආධුනිකයෙක් නම් 230V විදුලිය සම්බන්ධ කිරීමට ප්‍රථම එල්.ඊ.ඩී යන් පමණක් දැල්වෙන පරිපථය නිර්මාණය කර ගැනීම වඩාත් යෝග්‍ය වේ. 230V ප්‍රධාන විදුලිය මාරාන්තික බව සිතේ තබාගෙන පරීක්ෂණ කටයුතු වල නියලෙන්න.
මීළග පියවර ලෙස රේඩියෝ තරංග මාලා ඔස්සේ උපකරණ කිහිපයක් හැසිරවිය හැකි පරිපථයක් සම්බන්ධව (Multichannel R/F Remote Controller) පරීක්ෂණ සිදු කරන අතර ඒ හා සමාන පරිපථයක් මේ වන විටත් ඔබ විසින් නිර්මාණය කර ඇත්නම් ඔබගේ අදහස් කමෙන්ට් එකක් මාර්ගයෙන් හෝ ෆෝරමයේ ත්‍රෙඩ් එකක් මාර්ගයෙන් හෝ help@electronicinside.com ලිපිනයට හෝ යොමුකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය සම්බන්ධයෙන් පැණ නගින විවිධ ගැටළු සදහා පිළිතුරු ලබා ගැනීමට මෙන්ම අප දන්නා දෙයක් අන් අය අතර බෙදා ගැනීම සදහා ගොඩනැගුණු ඉලෙක්ට්‍රොනික් ඉන්සයිඩ් ෆෝරමය වටා මේ වන විට සාමාජිකයන් 200 කට ආසන්න පිරිසක් සම්බන්ධ වී සිටින අතරම , ෆෝරමය ඔස්සේ අසනු ලබන්නාවූ තාක්ෂණික ගැටළු වෙනුවෙන් තමන්ගේ වටිනා කාලය කැප කර ගනිමින් පිළිතුරු ලබාදීමට ඉදිරිපත්ව සිටින සහෘදයන් කිහිපදෙනා වෙනුවෙන්ද මාගේ හෘදයාංගම ස්තුතිය මෙලෙස පුද කරන්නෙමි. විශ්ව විද්‍යාල මගින් හෝ තාක්ෂණික ආයතන මගින් වෙහෙස මහන්සි වී ඔබ ලබා ගත් දැනුම හුදෙක් ඔබගේ සේවා දායකයන් සමග පමණක් හුවමාරු නොකොට තාක්ෂණයේ හෙට දිනය වෙනුවෙන් නව නිර්මාණ කරන්නට යත්න දරන ශ්‍රී ලාංකේය තරුණ පරම්පරාව වෙතද දායද කරන්නට ඉදිරිපත් වන ලෙස මෙම ලිපිය කියවන ඔබටත් මෙලෙස ආරාධනා කරන්නෙමි.
ekiyanne anek Q pin walinuth onee nam thawa relay walata out ganna puluwanneda?
ReplyDeleteakiyanne fan 1kakata wagee
ReplyDelete@Mahima,
ReplyDeleteෆෑන් එකක සුළගේ වේගය වැඩි කරගෙන යාම සදහාත් මෙය භාවිතා කළ හැකියි. ඒ සදහා reset පාදයට සම්බන්ධ වන පාදය Q5 හෝ Q6 දක්වා වෙනස් කළ හැකියි. නමුත් අපට අවශ්‍ය වූ විටකදී ෆෑන් එක ක්‍රියා විරහිත කරවීමට නම්, උපරිමය දක්වාම වේගය වැඩි කළ යුතු වීම වැනි සුළු සුළු ගැටළු පැන නගිනවා.
ow ekanam parashnayak thama
ReplyDeleteekata karanna deyak nedda?
එල එල වෑඩගත් ලිපියක් ජයවෙවා!
ReplyDeletemage awulak awanee
ReplyDelete@mahima,
ReplyDeleteThis is a tested circuit. Can you explain what's wrong with your circuit? 1. check 4017 pin connections 2. check 1738 pin connections 3. check bc 558(pnp-b,c,e) & bc 548 (npn-b,c,e)pin connections (same as bc 557 which explain in previous post - http://1.bp.blogspot.com/-8_11QREJV2c/TV68fHe0ZPI/AAAAAAAAAUM/38yv4ntDVg4/s1600/tsop1738_simple_ir_receiver.JPG)
ne ne mama hithanne awula thiyanne TSOP1738 1ke
ReplyDeletemama wena 1kak dadabalannam
4017 eke circuit 1ka hariyata weda
මේකටම ගැලපෙන පොඩි රිමෝට් පරිපථයක් දෙන්න බැරිද?මොකද ගෙදර ඉස්සරහ බල්බ් වලට මේක හැදුවොත් ටීවී එකේ චැනල් මාරු කරද්දීත් බල්බ් ඔන් ඕෆ් වෙයි නේද?බට්න් දෙකක් විතර දාලා එහෙම එකක් හදාගන්න බැරිවයිද?
ReplyDeleteපවර් සප්ලයි එකනම් හදන්න එච්චර අමාරු වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නේ....
ප්‍රසාද් කියන එක ඇත්ත, අපිට පොඩි unique ඉලෙක්ට්‍රොනික් කී එකක් යවාගන්න පුලුවන්නම් වැඩේ ගොඩ.
ReplyDelete@Prasad & dugiya,
ReplyDeleteThis circuit can use as a , IR Transmitter
ස්තුතියි! ඉක්මනට ඊලග පෝස්ට් එක දාන්න
ReplyDeletewedee hariyooo
ReplyDelete@mahima,
ReplyDeleteදැනුම් දුන්නාට ස්තුතියි! ඕකට Transformerless Power supply එකක් සම්බන්ධ කරන්නත් Try එකක් දෙන්න. එහෙම කලොත් ඕක හුගක් ප්‍රයෝජනවත් වෙයි. holder එකකට ඔය circuit එක සම්බන්ධ කරලා adapter එකකුත් set කර ගත්තම ගෙදර තියෙන ඕනිම holder point එකකට ඔය gadget එක ලේසියෙන්ම සම්බන්ධ කර ගන්නත් පුළුවන්. මම ransformerless Power supply එකක් දාල test කරලා බැලුවා. නමුත් 230V එකේ 50hz frequency එක නිසා remote එක press නොකෙරුවත් ඕකේ තියෙන relay එක on/off වෙන්න ගන්නවා.
රිලේ එකක් නැතිව ට්රයෙක් එකක් හරි එස්සීආර් එකක් හරි දාන්න බැරිද?
ReplyDelete@Prasad,
ReplyDeleteපුළුවන්, මෙම පරිපථයේ පරිදි traic එක සම්බන්ධ කර ගන්න.
podi awulak awa
ReplyDeleteremote 1ka presskalama relay 1ka on unata presskaragena inakan witharai on wela thiyenne atha erapu gaman off wenawa ekata mokada karanne
mama dala thiyenne 4n charger 1kak
මෙම පරිපථය සදහා මිලි ඇම්පියර් 40-60 අතර ප්‍රමාණයක් අවශ්‍ය අතර එම ඇම්පියර් ප්‍රමාණය නොලැබීම මතද ඔබ දක්වා තිබෙන දෝශය විය හැකියි. රිලේ එක නොමැතිව පරිපථය නිසියාකාරව ක්‍රියාත්මක වනවාදැයි යන්නත් සොයා බලන්න. මෙම පරිපථයම 230V මගින් ක්‍රියාකරවිය හැකි පරිපථය නව බ්ලොග් සටහනෙහි අඩංගුව ඇත.
ReplyDeleteok mama try karala kiyannam
ReplyDeletekollo niyamai,
ReplyDeleteAka newai hadanna barida iwathalana PC amathara kotas walin monawahari apita prayojanawath dewal tikak...............
all the best
mata denna puluwanda 20km withara dura sampreshanaya karanna puluwan modulater system transmitter diagram ekak.
ReplyDeletemata mee circuit eke PCB Layout ekak den na berida........
ReplyDeletecircuit 1 weda. remote controller 1e eka eka button walin ena clock pulse 1 detect karaganna puluwan nam hari.
ReplyDeleteමේ වයේ සර්කිට් බෝඩ් එක හදාගන්නේ කොහොමද? වෙරෝබෝඩ් වගේ ඒවායින් හදන්න අමාරුයි.
ReplyDeleteමට ඉලෙක්ට්‍රොනික් ගැන මුල ඉදලා ඉගෙන ගන්න ආසයි.ටෙක් එකකට යන්නෙ නැතුව සිංහලෙන් ඉගෙනගන්න පොත් තියෙනවද? දන්නවනම් පොත් වල නම් ටික දුන්නොත් ලොකු උපකාරයක්
ReplyDeleteමට පුලුවන් නම් මේ වගේ ටී වී රිමෝට් එකෙන්ම මෝටර් තුනක ඉස්පීඩ් එක වෙන වෙනම පාලනය කර ගන්න පුලුවන් විදියෙ පරිපත් සටහනක් කියන්න පුලුවන්ද... ලොකුම උදව්වක්..
ReplyDeletepavithra.blog@gmail.com
එහෙමත් නැත්නම් මේ වගේම බල්බ් කිහිපයක් එකම රිමොට් එකකින් පලනය කරන වත් කරමයක් කිව්වානම්.. :)
ReplyDelete