Tuesday, August 31, 2010

AT Commands වලින් එස්.එම්.එස් යවමු , එස්.එම්.එස් බලමු.....

AT Commands ගැන සරල හැදින්වීමකුත් වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ තිබෙන Hyper Terminal නැමැති Tool එක හරහා ජංගම දුරකතනය හෝ මොඩෙමය සම්බන්ධ කරගන්නා ආකාරය ගැන අප මීට ඉහතදී සාකච්චා කළා. අද අපි විමසා බලමු AT Commands උපයෝගී කරගෙන වෙනත් කිසිදු මෘදුකාංගයක් නොමැතිව මොඩෙමය හෝ ජංගම දුරකතනය පරිගණ්කය සමග සම්බන්ධ කරගෙන  එස්.එම්.එස් යවන ආකාරය ගැන. මේ සදහා ඔබ ඔබේ HSDPA මොඩෙමය භාවිතා කරන්නේ නම් ඔබ දැනටමත් අන්තර්ජාලය හා වෙනත් මෘදුකාංගයක් සමබන්ධ වී තිබෙනවා නම් එම් සම්බන්ධතාවය විසන්ධිකිරීමට සිදුවනවා. මන්දයත් මොඩමය හා සම්බන්ධිත Port එක මේ කර්තව්‍ය සදහා නිදහස්ව තිබිය යුතු බැවින්. එසේම මේ සදහා සදහා Broadband Data පමණක් වලංගු කර තිබෙන සිම් කාඩ් පත් යොදානොගත යුතුයි.

 මා භාවිතා කරන මොබිටෙල් ජාලයේ සිම් පතක් හරහා  0712345678 අංකය වෙත එස්.එම්.එස් පනිවුඩයක් ලබා දෙන ආකාරය මෙහිදී මා විස්තර කරන්නම්. මා කලින් ලිපියේ සදහන් කළ පරිදි ඔබ Hyper Terminal හරහා ඔබේ ජංගම දුරකථනය හෝ මොඩමය සමග සම්බන්ධ වීමෙන් අනතුරුව පහත සදහන් විධානය ලබා දෙන්න.

 AT+CMGF=1


ඉන්පසුව පහත සදහන් විධානය ලබා දෙන්න...


AT+CMGS="0712345678"

ඉහත විධානය ලබාදී Enter Key එක Press කිරීමෙන් අනතුරුව ලැබෙන > සලකුණක් සහිත කවුලුවේ ඔබට යැවීමට අවශ‍ය පනිවුඩය ලබාදෙන්න. අනතුරුව CTRL+Z ( CTRL කී එක සමග Z කී එක එකවර Press කර ) විධානය ලබාදෙන්න.

දැන් ඔබ එස්.එම්.එස් පණිවුඩය යවා අවසන්. ඒ බව තහවුරු කිරීමට විධාන කවුලුව තුලින් +CMGS : සමග අංකයක් සහිත පණිවුඩයක් ලැබෙනු ඇත. මේ අයුරින්ම ඔබට ඔබගේ සිම්පතෙහි ඇති එස්.එම්.එස් පණිවුඩයක් උපයෝගී කරගෙන කියවීමේ හැකියාවද ඇත. ඒ සදහා පහත විධානය ලබාදෙන්න,

AT+CMGR=1



ඉහත විධානය මගින් ඔබගේ සිම් පතෙහි 1 වැනි එස්.එම්.එස් පණිවුඩය කියවීමට හැකි වන අතර අවසානයට ඇති අංකය වෙනස් කර ලබා දීම මගින් සිම් පතෙහි ගබඩා වී ඇති අනුකුත් කෙටි පණිවුඩයන් කියවීමටද හැකියාව ඇත.ඉදිරියේදී AT Commands උපයෝගී කරගෙන Visual Basic වැනි පරිඝණක ක්‍රමලේඛණ භාෂාවක් මගින් සරල මෘදුකාංගයක් නිර්මාණය කරන අන්දම විමසා බලමු.

6 comments:

  1. affata..mehema scn ekak adane danne :D gindara .. thankz kiyala dunnata..tawa ela ela ewwa danna.. :)

    ReplyDelete
  2. මේ සදහා සදහා ඹ්‍රොඅඩ්බන්ඩ් ඪට පමණක් වලංගු කර තිබෙන සිම් කාඩ් පත් යොදානොගත යුත්තෙ ඈය් ??

    ReplyDelete
  3. ඒවායින් එස්.එම්.එස් යවන්න බැහැ නේද mali_89? වෙන හේතුවක් නිසා නෙවෙයි.

    ReplyDelete
  4. බොහොම වැදගත් ලිපියක්.

    වී.බී ඔබ්ජෙට්ක්ට් එක ගැනත් කියනවද? පුලුවන් වෙලාවක.

    ReplyDelete
  5. When I type the commend It does not appear in the hyper terminal window. why and how can avoid it ?

    ReplyDelete
  6. paradoxworld,
    It mean you are not connected with your modem. So pls select the correct Port.

    ReplyDelete